සේනා දළඹුවා මර්දනය සදහා පෙරමෝන් උගුල හදුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙම දළඹු විශේෂය මර්දනය සදහා ග්‍රීසිය , අප්‍රිකා රටවල් මෙන්ම ඇමෙරිකාවද භාවිත කරන්නේ මෙම ක්‍රමයයි.
මෙම පෙරමෝන් උගුල හැඩ දෙකකින් යුක්ත වනවා. එම උගුලේ අභ්‍යන්තරයේ රදවන පෙරමෝන් රසායනිකය වෙත සේනා දළඹුවාගේ පරිනත අවස්ථාව වන සළබයින් ආකර්ශනය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙනවා. මෙම පෙරමෝන් උගුල හදුන්වාදීම අනුරාධපුරයේ දී සිදුකෙරුණු අතර කෘෂිකර්ම නිලධාරීන් ප්‍රකාශ කළේ අක්කරයක බිම් ප්‍රමාණයකට මෙවැනි උගුල් හතරක් හෝ පහක් ප්‍රමාණවත් බවයි. සේනා දළඹුවා මර්දනය සදහා කෘෂිකර්ම අමාත්‍යාංශය තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා.