ශ්‍රි ලංකාවට එරෙහි තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ ජයත් නවසීලන්තයට
Related Articles
ශ්‍රී ලංකාවට එරෙහි තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් නවසීලන්තයට ලකුණු 115 ක ජයක් හිමිවුණා.
කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ වාරය නවසීලන්තයට ලබාදුන්නා. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ කඩුලු හතරක් පමණක් දැවී නවසීලන්තය රැස්කළ ලකුණු සංඛ්‍යාව 364ක්. රොස් ටේලර් හා භෙන්රි නිකෝල්ස් ශතක ලබාගත්තා. පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 93 කට කඩුලු තුනක් බිදහෙළා තිබෙනවා. පිලිතුරු ඉණිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු හතරකදී සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවුයේ ලකුණු 249ක් පමණයි. තිසර පෙරේරා ලකුණු 80ක් ලබාගත්තා.