පුරාවස්තු සෙවීම සදහා කැනීම් කළ සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාරම්මල පොලිස් වසමේ මොරගනේ ප්‍රදේශයේදී.
කැනීම් සදහා උපයෝගී කරගත් භාණ්ඩ තොගයක් ද හමුවුණා. සැකකරුවන් හා උපකරණ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.