fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර යටිනුවර විදියේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 09:53

මහනුවර යටිනුවර විදියේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

මහනුවර යටිනුවර විදියේ මහල් ගොඩනැගිල්ලක හටගත්  ගින්නක්  මේ වන විට නිවා දමා තිබෙනවා. ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මහනුවර යටිනුවර වීදියේ පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකයි මෙසේ ගින්න හට ගැනුණේ. ගින්න හට ගත් අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ සිටි කිහිප දෙනෙකු බේරා ගත් බව අප වාර්තාකරුවන්  පවසනවා. එහිදී තුවාල ලැබූ දෙදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මහනුවර පොලිස්ථානයේ රථවාහන අංශය ශ්‍රී දළදා මාළිගයේ ගිනි නිවන ඒකකය, මහනුවර නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ යුද හමුදාවේ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමී‍මට කටයුතු කළා.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2019 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්