නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය වෙනුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද විශේෂ පුහුණු සැසියකට එක්වුණා.
දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බින්දුවක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයගෙන සිටිනවා. මේ අනුව දෙරට අතර දිවා තරගයක් ලෙස හෙට පැවැත්වීමට නියමිත තුන්වන හා අවසන් එක්දින තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකම අද පුහුණු සැසි සදහා එක්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම හොද සෞඛ්‍ය හා මානසික තත්වයකින් ඊට එක්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. තරගය මෙරට වේලාවෙන් හෙට අලුයම 03 යි 30 ට ආරම්භවීමට නියමිතයි. පළමු තරග දෙකේදීම අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට සදීර සමරවික්‍රම කණ්ඩායමට එක්වනු ඇතැයි කණ්ඩායම් ආරංවි පවසනවා. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසන්නේ මෙම තරගය ජය ගැනීම කණ්ඩායමේ බලාපොරොත්තුව වී ඇති බවයි. ඊට සිය උපරිමයෙන් සියළුම ක්‍රීඩකයින් දායකත්වය ලබාදෙනු ඇතැයිද විශ්වාසය පලකර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තීරණය මේ සතිය තුල ලැබෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා. ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ලබන මස 07 වැනිදායි.