fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිංදුවෙන් පණ ලැබූ අමරණීය ශ්‍රීදේවි…

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 16:43

බිංදුවෙන් පණ ලැබූ අමරණීය  ශ්‍රීදේවි…

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ ද වටිනාකම හා සුන්දරත්වය ලොවට කියාපාන සිනමා නිර්මාණයක් බොලිවුඩයේ ආනන්ද් එල් රායි අධ්‍යක්ෂවරයා විසින් ඔබට තිළිණ කර තිබෙනවා. ඒ සීරෝ නම් වූ සිනමාපටයයි. ශාරුක් ඛාන් , අනුෂ්කා ෂර්මා ,  කත්‍රිනා කායිෆ් ගේ  සුපිරි රංගනයකින් හැඩවුණු  අලුත්ම මාදිලියේ ආදර කතාවක් වන මේ නවමු අත්දැකීම විඳීම‍ට ලොව වටා රසිකයෝ  පෙළ ගැසී සිටිනවා.

සීරෝ කිහිප ආකාරයකින් සුවිශේෂී සිනමාපටයක්. සීරෝ සිනමාපටය අකාලයේ ජීවිතයෙන් සමුගත් බොලිවුඩයේ  සුපිරි තරුව ශ්‍රී දේවියගේ අවසන් රංගනයයි. ඇය ආරාධිත කෙටි රංගනයක් ඉදිරිපත් කළ ද එය සදානුස්මරණීයයි. එමෙන්ම ඉන්දියානු රිදී තිරයේ කුරුමිට්ටකුගේ චරිතය ප්‍රධාන චරිතය වූ සිව්වැනි අවස්ථාව මෙයයි. සල්මන් ඛාන්, කාජල්, රාණි මුඛර්ජි, ආලියා බාත්, කර්ෂ්මා කපූර්, ජූහි චව්ලා වැනි අතිශය ජනප්‍රිය තරු රැසක් මෙම සිනමාපටයේ කෙටි දර්ශන සඳහා පෙනී සිටිනවා. සිනමාපටයේ වැඩි කොටසක් රූ ගත කෙරුණේ මූම්බායි සිනමා නගරයේදී වන අතර නාසා ආයතනයේ ද රූගත කිරීම් සිදුකර  තිබෙනවා. සීරෝ සිනමාපටයට ගීත 4ක් ඇතුළත්.

මෙම සිනමාපටය නිපදවීමට ඉන්දියානු රුපියල් කෝටි 200ක් වැයවූ අතර එතරම් වියදමක් දරා නිපදවූ සිනමාපටයක ශාරුක් රංගනයේ යෙදෙන්නේ ප්‍රථම වරටයි. සීරෝ ප්‍රේක්ෂකයන්ගේ  දැවැන්ත බලාපොරොත්තුවක්. පැය 24 කදී සිනමාපටයේ ට්‍රේලරය මිලියන 54කට වැඩි ජනකායක් නරඹා පැයක දී වැඩිම පිරිසක් නැරඹූ සිනමාපටය ලෙසින් වාර්තා පොතට එක්වීමෙන්ම ඒ බව සිතා ගත හැකිය. යූ ටියුබයෙන් එය දිනක දී මිලියන 100කට වඩා නැරඹීම ද වාර්තාවක්. මේ දිනවල තිරගත වන සීරෝ ශාරුක් ඛාන්ගේ බිරිය ගෞරී ඛාන්ගේ නිෂ්පාදනයක්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 16:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්