ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වෙරළතීරයට ජෙලිෂිෆ් මත්සයින් විශාල ප්‍රමාණයක් ගොඩගැසීම හේතුවෙන් අනතුරුදායක තත්ත්වයක් මතුව තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වෙරළතීරයන් රැසකට මෙලෙස බ්ලූබොට්ල් නම් ජෙලි ෆිෂ් මත්සයින් පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෙරළ තීරය ආසන්නයේ සිදු කරන ක්‍රීඩා නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 2600 කට ආසන්න පුද්ගලයින් පිරිසක් මෙම ජෙලි ෆිෂ් මත්සයින්ගේ බලපෑමෙන් රෝගාතුර වී තිබෙනවා. ක්වීන්ස්ලන්ඩ් වෙරළතීරයට ආසන්නයේ පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ජෙලි ෆිෂ් මත්සයින් වෙරළ තීරයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.