fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තාවකාලිකව පවත්වාගෙන යන බඩ ඉරිගු අලෙවිසල් නතර කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 14:44

තාවකාලිකව පවත්වාගෙන යන බඩ ඉරිගු අලෙවිසල් නතර කෙරේ

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස තාවකාලිකව පවත්වාගෙන යන බඩ ඉරිගු අලෙවිසැල් තාවකාලිකව නතර කිරීමට කෘෂිකර්ම බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මහවැව ප්‍රදේශයේ වෙළදසල් පරීක්ෂා කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව සදහන්. පරීක්ෂාවට ලක්කළ බඩඉරිගු කරල්වල සේනා දළඹු විශේෂය හා කීටයන් සිටීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. වෙළදසැල්වල ගබඩා කර තිබූ බඩඉරිගු කරල් විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. නැවත දැනුම් දෙන තුරු බඩඉරිගු අලෙවි කිරීම නතර කරන ලෙසයි පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.එස් වන්නිනායක මහතා දන්වා සිටියේ

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 14:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්