fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 256 යි

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 14:30

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 256 යි

ඔස්ට්‍රේලියා වයස 19 න් පහළ කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 256 ක් ලබා ගත්තා.

පී සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 03 දෙනෙකු මෙම තරගයේදී වයස අවුරුදු 19 න් පහළ එක්දින වරම් ලබා ගැනීම කැපී පෙනුනා. ඒ දිලුම් සුදීර, තවීෂ අභිෂේක හා ප්‍රවීන් ද සිල්වායි. එක්දින වරම් හිමිවීම වෙනුවෙන් හිස්වැස්ම පිරිනැමීම සිදුකළේ ඔවුන්ගේ දෙමාපියන් විසින්. මෙම ක්‍රීඩකයින් දෙදෙනෙකු ගාල්ල රිච්මන්ඩ් විදුහල නියෝජනය කරන අතර අනෙක් ක්‍රීඩකයා නියෝජනය කරන්නේ කැලණිය ගුරුකුල විදුහලයි. නායක නිපුන් ධනංජය ලකුණු 71 ක් ලබා ගත්තා. සොනාල් දිනූෂ අර්ධ ශතකයක් වාර්තා කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 14:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්