රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයයි වැටලීම සිදුකළේ. සැකකාරිය සතුව තිබි ගිනි අවි හතරක් ද අත්අඩංගුවට ගත්තා. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර , ජාතික හැදුනුම්පත් සහ රියදුරු බලපත්‍ර සකස් කිරිම දීර්ඝ කාලයක සිට සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණ වලින් අනාවරණ වුණේ.