මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි රක්ෂිතයන්හි ගිනි තැබීම්වලින් අක්කර 50කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් සතුන් දඩයම් කිරිම සහ විනෝදාස්වාදය වෙනුවෙන් ගිනි තැබීම් සිදුකරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
උඩරට මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර ස්ටැඩර්න් වත්ත ප්‍රදේශයේ රක්ෂිතයේදු ගින්නක් පැවතුණා. අද (07) අළුයම වනවිට අක්කර දහයක පමණ කොටසක් විනාශ වී ඇති බවයි ප්‍රදේශවාසින් සඳහන් කළේ. ගිනි තැබීම් හේතුවෙන් පරිසර හානියක් මෙන්ම රක්ෂිත හරහා ගලා බසිනා ජල මූලාශ ද සිදී යාමේ අවධානමක් මතුව තිබෙනවා.