fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සැරසන්ස් කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට මාලින්ද පුෂ්පකුමාර සමත් වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 13:26

සැරසන්ස් කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට මාලින්ද පුෂ්පකුමාර සමත් වෙයි

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් කණ්ඩායම සමග පැවති තරගයේ දෙවන ඉනිමේ කඩුලු 10 ම දවා ගැනීමට සී. සී. සී. කණ්ඩායම නියෝජනය කළ මාලින්ද පුෂ්පකුමාර සමත්වුණා.

මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ පැවති තුන්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සී. සී. සී. කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 238 ක් ලබා ගත්තා. ඊට පිලිතුරු ලෙස සැරසන්ස් කණ්ඩායමට ලබාගත හැකිවුනේ ලකුණු 169 ක් පමණයි. ලකුණු 69 ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම අරඹූ සී සී සී කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 279 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා. ලකුණු 349 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය සැරසන්ස් කණ්ඩායමට සියළුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 113 ක් පමණයි. එම ඉනිමේ කඩුලු 10 ම දවා ගැනීමට මාලින්ද පුෂ්පකුමාර සමත්වුණා. දේශීය ක්‍රිකට් තරගයක ක්‍රීඩකයෙක් කඩුලු 10 ම දවා ගත් හොදම 13 වන දක්ෂතාව මෙයයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 13:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්