fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යොවුන් සේනාංකයට සිසුන් බඳවා ගැනීම ලබන 22 වෙනිදා සිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 11:27

යොවුන් සේනාංකයට සිසුන් බඳවා ගැනීම ලබන 22 වෙනිදා සිට

ජාතික යොවුන් සේනාංකයේ පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම ලබන 22 වෙනිදා සිට ආරම්භ වෙනවා.

නොමිලේ පැවැත්වෙන සියලු පාඨමාලා සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 51 ක් කි‍්‍රයාත්මකයි. වයස අවුරුදු 16 ත් 28 ත් අතර පිරිසට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි ජාතික යොවුන් සේනාංක අතිරේක අධ්‍යක්ෂ මහානාම විජේසිංහ මහතා සඳහන් කළේ.

සියලු සිසුන්ට පැමිණීමේ දීමනාවක් ලෙස මසකට රුපියල් 2500 ක් හිමිවෙනවා. පාඨමාලා අවසානයේ ජාත්‍යන්තර පිළිගැනීමෙන් යුතු සහතිකයක් සහ රැකියා අවස්ථා ද ලබාදීම මෙහි විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්