සංචාරක ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගය සඳහා නවසීලන්ත සංචිතය නම්කර තිබෙනවා.
වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති එහි නායකයායි. නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක කේන් විලියන්සන් , වේග පන්දු යවන ක්‍රීඩක ටේරන්ට් බෝල්ට් සහ කොලින් ඩී ග්‍රෑන්ඩ්හොම් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන 20-20 තරගය සඳහා විවේක ගන්වා ඇති බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ. තරගය ඔක්ලන්ඩ්හිදී ලබන සිකුරාදා පැවැත්වෙනවා.