2018 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන ඇමුණුමෙහි සඳහන් පාසල් 26න් පහත සඳහන් පාසල් 04ක් පමණක් 2019.01.08 සිට 2019.01.17 දක්වා සම්පූර්ණයෙන් ම වසා තබන අතර එම පාසල් 2019 ජනවාරි 18 වන සිකුරාදා නැවත විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
01. කො/ඉසිපතන විද්‍යාලය, කොළඹ 05
02. මාර/මහානාම මහා විද්‍යාලය, වල්ගම, මාතර
03. කු/සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය, මල්ලවපිටිය, කුරුණෑගල
04. මහ/ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, මහනුවර
මෙහි ඇමුණුමෙහි නම් සඳහන් අනෙකුත් පාසල් 22 හි කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලැබේ.
අ.පො.ස. (සා.පෙළ) විභාගය – 2018 (11 අදියර) ඇගයීම් මධ්‍යස්ථාන නාම ලේඛනය මේ සමඟ අමුණා ඇත.