fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැලේසියා රජු ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 08:59

මැලේසියා රජු ඉල්ලා අස්වෙයි

මැලේසියාවේ පස් වන සුල්තාන් මොහොමඩ් රජු ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබී වසර 60කට පසු මැලේසියා රජෙකු ඉල්ලා අස්වන පළමු වතාව මෙය බවයි වාර්තා වන්නේ. ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව කුමක් ද යන්න පිළිබඳ ජාතික මන්දිරය කිසිදු ප‍්‍රකාශයක් නිකුත් කර නැහැ. එහෙත් එය කඩිනමින් ක‍්‍රියාත්මක වන බවයි එහි ප‍්‍රකාශකයකු ප‍්‍රකාශ කළේ. රුසියා ජාතික කාන්තාවක සමඟ විවාහ වී සිටින 47 හැවිරිදි මැලේසියා රජුගේ ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලික කරුණක් බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 1957දි ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ මැලේසියාව රාජාණ්ඩුවක් පවත්වාගෙන යන එකම රට වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්