fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුහුණු අවස්ථා දෙගුණ කිරිමේ ජාතික වැඩසටහනේ දෙවන අදියරත් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 08:51

පුහුණු අවස්ථා දෙගුණ කිරිමේ ජාතික වැඩසටහනේ දෙවන අදියරත්  ඇරඹෙයි

පුහුණු අවස්ථා දෙගුණ කිරිමේ ජාතික වැඩසටහනේ දෙවන පියවර සමාරම්භක උත්සවය නුවරඑළියේදී පෙරවරුවේ පැවැත්වෙනවා. රජයේ සංවර්ධන වැඩපිළිවෙලට තරුණ තරුණියන් නිපුණත්වය තුළින් දායක කර ගැනීම මෙහි ප‍්‍රධාන අරමුණක්. දැනට ශ‍්‍රම වෙළඳ පළේ පවතින රැකියා අවස්ථාවලට ගැළපෙන පුහුණුවක් ඔවුන්ට ලබාදීමට හැකිවන බවයි වෘත්තිය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප‍්‍රකාශ කළේ.

නුවරඑළියේ පැවැත්වෙන ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා ඇති ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ මධ්‍යස්ථානවලදී දෙවන අදියර ආරම්භ වන බවයි අමාත්‍යංශය සඳහන් කළේ. පුහුණු අවස්ථා දෙගුණ කිරිමේ ජාතික වැඩපිළිවෙලේ පළමු අදියර පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට දිවයින පුරා ක‍්‍රියාත්මක වනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2019 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්