fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථාන රන් පතලක අනතුරකින් තිස් දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 17:56

ඇෆ්ගනිස්ථාන රන් පතලක අනතුරකින් තිස් දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ රන් ආකරයක සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිස් දෙනෙක් මිය ගියා. අඩි 220ක් පමණ ගැඹුරු පතල කොහිස්ථාන් ප‍්‍රදේශයේ ගංගා ඉවුරක් ආසන්නයේ තිබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

අනතුර සිදුවීමට හේතුව මෙතෙක් නිෂ්චිතව හෙළිව නැහැ. කෙසේවෙතත් ආරක්ෂක ක‍්‍රියාමාර්ග නොගැනීම සහ නඩත්තුව නිසි ලෙස නොතිබීම ඇෆ්ගනිස්ථානයේ පතල් අනතුරු ඉහළ යාමට ප‍්‍රධාන හේතුවක්. සිද්ධියෙන් තවත් පුද්ගලයන් හත් දෙනෙක් තුවාල ලැබුවා. සහන කණ්ඩායම් ප‍්‍රදේශයට යොමුකර ඇති බවයි ඇෆ්ගනිස්ථාන බලධාරින් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 17:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්