fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇණහිටි ආණ්ඩුව ගැන ට‍්‍රම්ප්ගේ සාකච්ඡා

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 17:54

ඇණහිටි ආණ්ඩුව ගැන ට‍්‍රම්ප්ගේ සාකච්ඡා

ඩිමොක්‍රටික් පක්ෂය සමග පවත්වා ඇති සාකච්ඡාවලින් මේ වන තෙක් සාර්ථක ප්‍රතිඵලයක් ලැබී නැති බවයි ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින්  දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන කථානායිකා නැංසි පෙලෝසි පවසා ඇත්තේ රජයේ ඇතැම් ආයතනවල වැඩකටයුතු ආරම්භ කිරීම සදහා විසර්ජන පනතක් ඉදිරිපත් කරන බවයි. ෆෙඩරල් රජයේ සේවකයන් ලක්ෂ 08 කට වැඩි සංඛ්‍යාවකට පසුගිය 22 වනදා සිට වැටුප් ලැබී නැති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.  ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් බැදීම සදහා ඇමෙරිකා ඩොලර් බිලියන 5.6 ක ප්‍රතිපාදන වෙන්කරන තුරු තමන් ඉදිරි කටයුතු සිදු කිරීමට අකමැති බවයි රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන්නේ.  කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඒ යටතේ ඇමෙරිකා – මෙක්සිකෝ දේශසීමාවේ තාප්පය ඉදිකිරීමට කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මින් පෙර ප්‍රකාශ කළා. ඩිමොක්‍රටික් පක්ෂය සදහන් කරන්නේ තාප්පය ඉදිකිරීම මුදල් අපතේ යැවීමේ ක්‍රියාවක් වන අතර ඒ සදහා වෙන්කිරීමට අරමුදල් නොමැති බවයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 17:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්