තායිලන්තයේ බස් රථ අනතුරකට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
අනතුරෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලැබුවා.ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේම තත්ත්වය බරපතල බව තායිලන්ත වාර්තා සදහන් කරනවා. අධික ලෙස මගීන් පටවාගෙන ආ තට්ටු දෙකකින් යුතු බස්රථයක් මාර්ගයේ ලිස්සායාමෙනුයි අනතුර සිදු වුණේ. පබූක් සුලිකුණාටු හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බැංකොක් නගරයේ උතුරු ප්රදේශයේ මාර්ගයකයි අනතුර සිද්ධ වී ඇත්තේ. මියගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වන බව සදහන්.