Life+News The Official News Portal of Independent Television Network Ltd

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 12:48

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය ඉන්දීය ශිෂ්‍යයෙක් අයර්ලන්තයේදී ජීවිතක්ෂයට පත්වුණා. ඔහු එරට ඩබ්ලින් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ක්ලෙයාර් ප‍්‍රදේශයේ කඳු මුදුනකින් එම සිසුවා මුහුදට වැටී තිබෙනවා. සිසුවා බේරාගැනීම සඳහා සහන කණ්ඩායම් සහ හෙළිකොප්ටර් යානයක් ද යෙදවීමට අයර්ලන්ත බලධාරීන් කටයුතු කළා. ඔහු රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුගිය වසර කිහිපය තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ලොවපුරා 260 කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා. ඉන් බහුතරය ඉන්දියානු ජාතිකයන්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 12:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්