fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ජල ව්‍යාපෘති 2 ක් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 12:47

නව ජල ව්‍යාපෘති 2 ක් ජනතා අයිතියට

කැකිරාව මඩාටුගම හා පුබ්බෝගම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් නව ජල ව්‍යාපෘති 2 ක් ජනතා අයිතියට පත් කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා අතිනුයි ජල පද්ධති ජනතා අයිතියට පත් කෙරුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ කුවෙට් රාජ්‍යයේ ආධාර මත ජල පිරිපහදු පද්ධති 2 ක පිහිටුවා තිබෙනවා. මඩාටුගම ප්‍රදේශයේ පවුල් 300 කට හා පුබ්බෝගම ප්‍රදේශයේ පවුල් 400 කට මෙමගින් ජල පහසුකම් සැලසෙනවා. මහා සංඝරත්නය හා අන්‍ය ආගමික පූජකවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 12:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්