නව ලග්ගල හරිත නගරය හා කළුගග ජලාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා ජනතා අයිතියට පත් කෙරෙනවා. නව නගරයේ ඉදිකළ රජයේ ගොඩනැගිලි විවෘත කිරීමට ඒවා අදාළවන අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන්ට ආරාධනාකර තිබෙනවා.
කළු ගඟ මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් අහිමි වූ රජයේ කාර්යාල වෙනුවෙන් ලග්ගල නව නගරයේ අදාළ ගොඩනැගිලි ඉදිකෙරුණා. එම ඉදිකිරීම් මේ වනවිට අවසන්කර තිබෙනවා. ඒ අනුවයි ලග්ගල නව නගරය ජනතා අයිතියට පත් කෙරෙන්නේ. මෙහි රාජ්‍ය ආයතන 28 ක් පිහිටුවා තිබෙනවා. පැරණි ලග්ගල නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවුණා. අක්කර 185 ක භූමි ප්‍රදේශයක මෙම ඉදිකිරීම් කර තිබෙනවා. ලබන 8 වනදා පැවැත්වෙන මෙම ජනගත කිරීමේ උත්සවය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මොරගහකන්ද ජලාශ පරිශ්‍රයේදී පැවැත්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/VVc00bMReUo”]