ඇමෙරිකාව ඉරානයේ තෙල් අපනයනයට සම්බාධක දැමුවද තවත් ප්රධාන පෙලේ තෙල් ගැනුම්කරුවන් තමන්ට සිටින බව ඉරානය පවසනවා.
ඉරානයේ මිසයිල අත්හදා බැලිමට විරෝධය පල කරමින් ඇමෙරිකාව ඉරාන තෙල් අපනයනයට සම්බාධක පැනවුවා. එමගින් ඉරාන ආර්ථිකයට බලපෑම් එල්ල කිරිම ඇමෙරිකාවේ බලපොරොත්තුව වි තිබුණා. එහෙත් තම තෙල් මිලදි ගැනිම සදහා නව ගැනුම්කරුවන් ඉදිරිපත් වීඇති බවයි ඉරානය පවසන්නේ. ලෝක වෙලෙදපොලේ පවතින තරගකාරිත්වය හමුවේ සෙසු ගැනුම්කරුවන් ඇමෙරිකාවේ සම්බාධක නොතකන බව ද ඉරානය වැඩිදුරටත් පවසනවා.