Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙලිඅත්තට ගිය මංගල ගමන (Video)

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 08:48

බෙලිඅත්තට ගිය මංගල ගමන (Video)

මාතර,බෙලිඅත්ත පළමු දුම්රිය ධාවනය අද සිදු කෙරුණා.

අලුතින් ඉදිකළ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය නිරීක්ෂණය කිරීම සදහායි මෙලෙස දුම්රිය ධාවනය කෙරුණේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගය අදියර තුනකින් නිම කිරීම රජයේ සැලැස්මයි. මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස පළමු අදියර යටතේත් බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා දෙවන අදියර යටතේත් තුන්වන අදියර යටතේ හම්බන්තොට සිට කතරගම දක්වාත් ඉදිකිරීම් කටයුතු සිදුවනවා. දුම්රිය මාර්ගයේ මුළු දුර කිලෝමීටර 113ක්. මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටසේ ඉදිකිරීම් සදහා ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකා ඩොලර් මිලියන දෙසිය හැත්තෑ අටයි දශම දෙකක්. චීන එක්සිම් බැංකුව මේ සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන අතර මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන උපදේශනය යටතේ මෙහි අධීක්ෂණ කටයුතු සිදුකෙරෙනවා. දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය මේ වන විට ඉදි කර තිබෙනවා. මාතර සිට බෙලිඅත්ත දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන හතරක් සහ උප දුම්රිය ස්ථාන දෙකක් ඇතුළත්.

https://www.facebook.com/itnnews.lk/videos/415849645622926/

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2019 08:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්