ජල ගැලීම්වලින් උතුරු පළාතේ හානි වූ බෝග වගා 6 ක් සදහා කඩිනමින් වන්දි ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කැබිනට් අනුමැතියෙන් අනෙකුත් බෝග වගා සදහා ද වන්දි ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කිලිනොච්චියේදී ප්‍රකාශ කළේ.
අමාත්‍ය පී හැරිසන් මහතා ජල ගැලීම්වලින් හානියට පත් කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඉන් අනතුරුවයි කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට අමාත්‍යවරයා සහභාගි වුණේ. ප්‍රදේශයේ ගොවීන්ට රට කජු බිජ කිලෝග්‍රෑම් පහළොස් දහසක් ලබා දීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. බීජ මුංඇට මෙන්ම බිත්තර වී සහනාධාරය ද ලබා දීමටයි රජය සැලසුම් කර ඇත්තේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Gc-X7Dw6Qb8″]