ශ්‍රී ලංකාවේ ගැටලු විසදා ගැනීමට ජාත්‍යන්තර මැදිහත්වීම් අවශ්‍ය නොවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ කොළඹදී පැවති උත්සවයකදීයි.
ජපානයේ ලංකාජී විහාරාධිපති, ඉන්දියාවේ සාංචි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමින්වහන්සේගේ හැටනව වන ජන්ම දිනය නිමිත්තෙන් ඉන්දිය ලේඛක ශාහිල් සිද්ධික් රචනා කළ උන්වහන්සේගේ චරිතාපදානය වන අංජලි කරනියෝ ග්‍රන්ථය එලි දැක්වුණා. ඒ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීයි. ආගමික නායකයන් සහ මැතිඇමතිවරන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/4CMp4sKuhi4″]