fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජමුනා නෞකාව ගාල්ල වරායට

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 15:12

ජමුනා නෞකාව ගාල්ල වරායට

ඉන්දිය නාවික හමුදාවට අයත් ජමුනා නෞකාව ගාල්ල වරායට පැමිණියා.

ඉන්දිය නාවික නිළධාරින් රැගත් ජමුනා නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේ මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරිමේ ඒකාබද්ධ වැඩසටහනට සහභාගි වීමේ අරමු‍ණෙන්. කොළඹ සිට ගාල්ල දක්වා මුහුදු තීරයේ සමික්ෂණ කටයුතු සිදු කළ ජමුනා නෞකාව අනතුරුව ගාල්ල වරායට පැමිණියා. නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව පිලිගැනීම සදහා එක් වුණා.  ජමුනා නෞකාවේ අණදෙන නිළධාරි කපිතාන් එච් ඒ හාඩස් මහතා හා රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා අතර හමුවක්ද සිදු වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්