fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුවට සෞඛ්‍ය මධ්‍යස්ථානයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 13:06

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුවට සෞඛ්‍ය මධ්‍යස්ථානයක්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සදහා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහ ගිලන්රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

නල්ලතන්නිය නගරයේ ඉදි කර ඇති වෛද්‍ය මධ්‍යස්ථානය සතියේ දින හත පුරාම විවෘතව පවතිනවා. ශ්‍රී පාද වන්දනාවේ යෙදි සිටියදී රෝගී වන්නන් සදහා අවශ්‍ය මූලික ප්‍රතිකාර එම ස්ථානයේදී සිදු කෙරෙනවා. වැඩිදුර ප්‍රතිකාර සදහා මස්කෙළිය හෝ දික්ඔය රෝහල් වෙත මාරු කර යැවීම සදහා පැය විසිහතර පුරා ක්‍රියාත්මක ගිලන්රථ සේවාවක් ද පවතිනවා. වන්දනාකරුවන්ට සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන ලබා දීම වෙනුවෙන් ආපනශාලා පරික්ෂා කිරිම සදහා මහජන ‍සෞඛ්‍ය පරික්ෂකවරුන් කන්ඩායමක්ද යොදවා තිබෙනවා. ශ්‍රී පාද වන්දනාකරුවන් සදහා පොදු දුරකථන අංකයක්ද හදුන්වා දීමට පියවර ගන්නා බවයි නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල මහතා සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්