මිගමුව කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩුකර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 39 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි මීගමුව පොලිීසිය පවසන්නෙ.
පසුගිය 31 වැනිදා රාති‍්‍රයේ ලැබ්රඩෝ වර්ගයේ සුනඛයාට ගිනි තබා තිබෙනවා. දරුණු පිළිස්සුම් තුවාල ලැබූ සුනඛයා මියගියේ පසුගිය පළමුවනදා.