ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවුණා. ඒ කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දි.
එහිදි ආරක්ෂක උපදේශකවරයා ශ්‍රී‍්‍ර ලංකාවේ නව නාවික හමුදාපතිවරයා ලෙස තේරි පත්වු පියල් ද සිල්වා මහතාට ඉන්දියාවේ සුභපැතුම් පිරිනමා තිබෙනවා. ඉන් පසුව ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව සාකච්ඡා පැවති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ.