ශ්රී්ර ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගය පිහිටි හැටන් – සිංගමලේ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
එහි නැගෙනහිර මායිමේ ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ ගින්න සිංගමලේ ප්රධාන රක්ෂිතයට ද පැතිර ගියා. මෙම රක්ෂිතය ප්රධාන ජල පෝෂක ප්රදේශයක්. හැටන් ජනතාවට පානීය ජලය සපයන ප්රධාන ජල ටැංකිය ද රක්ෂිතය අසල පිහිටා තිබෙනවා. ගින්න මැඩපැවැත්විම සදහා පොලිස් නිලධාරින් පිරිසක් යොමුකළ බවයි හැටන් පොලිසිය සදහන් කළේ.