සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්රීකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කන්ඩායම කඩුලු හතක් දැවී ලකුණු 319 ක් ලබා ගත්තා.
නවසීලන්තයේ මවුන්ට් මොංගනියුහි බේ ඕවල් ක්රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්තය තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කන්ඩායමේ ආරම්භක සබදතාව ලකුණු තිස් හතරකට සීමා වුණා. ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ලකුණු 13ක් ලබා සිටියදී ලසිත් මාලිංගගේ පන්දුවකට දැවී ගියා. කොලින් මුන්රෝ ලකුණු 87ක් ලබා ගත්තා. රොස් ටේලර් ලකුණු 90ක් ලබා සිටියදී දැවී ගියා. අගනා පිති හරඹයක නිරත වූ ජෙම්ස් නීෂම් පන්දු තිස් හතකදී ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුණා. නවසීලන්ත කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභීන් දුවද්දී දැවී යාමට හසු වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් පන්දුවාර පනහ අවසානයේදී කඩුලු හතක් දැවී ලකුණු 319 ක් ලබා ගැනීමට නවසීලන්ත ක්රීඩකයින් සමත් වුණා. පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු හතලිස් පහකදී කඩුලු දෙකක් බිද හෙලුවා. නුවන් ප්රදීප් එක් කඩුල්ලයි.
පිළිතුරු ඉනීම ආරම්භ කිරිමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක සබදතාව ලකුණු විසි අටකට සීමා වුණා. නිරෝෂන් දික්වැල්ල ලකුණු නවයක් ලබා සිටියදී දැවි ගියා. කුසල් ජනිත් පෙරේරා ලකුණු හතරයි.