fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිරිවෙන් අධ්‍යාපනයට භාෂා ත්‍රිත්වයෙන්ම ගුරුවරුන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 10:47

පිරිවෙන් අධ්‍යාපනයට භාෂා ත්‍රිත්වයෙන්ම ගුරුවරුන්

පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ත්‍රෛභාෂා දැනුම ඉහළ නැංවීමට වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මකයි.

පිරිවෙන් සදහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා ගුරුවරුන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

දෙමළ භාෂා ගුරුවරුන් සම්බන්ධයෙන් මහ නායක ස්වාමීන් වහන්සේ සිදුකරන ලද ඉල්ලීම් පිළිබද අවධානය යොමු කරමින් එම ගුරුවරුන් බඳවා ගැනීමට ද කටයුතු කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මතයි.

ආරම්භක පියවර වශයෙන් දෙමළ භාෂා ගුරුවරුන් පනස් දෙනෙකු බදවා ගැනීමට කටයුතු කෙරෙනවා.

අවශ්‍යතාව මත ඉදිරියේ දී තවත් දෙමළ භාෂා ගුරුවරුන් පිරිවෙන් අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම්කර තිබෙනවා.

ජාතික සහ ආගමික සංහිදියාව ගොඩනැංවීමේදී විවිධ භාෂා දැනුම භික්ෂූන් වහන්සේලාට උපකාර වන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 10:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්