fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සයිබර් ප‍්‍රහාරය ගැන කඩිනම් පරීක්ෂණයක් කරන බව ජර්මනිය කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 10:11

සයිබර් ප‍්‍රහාරය ගැන කඩිනම් පරීක්ෂණයක් කරන බව ජර්මනිය කියයි

සයිබර් ප‍්‍රහාරය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ජර්මනිය ප‍්‍රකාශ කළා. ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ඇතුලු එරට දේශපාලනඥයන් සිය දෙනෙකුගේ පමණ පෞද්ගලික තොරතුරු සයිබර් ප‍්‍රහාරයකන් ප‍්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජර්මන් ආරක්ෂක බලධාරීන්ට උපදෙස් දුන් බවයි ඇන්ජලා මර්කල් සඳහන් කළේ. පෞද්ගලික සංවාද අනෙකුත් සබඳතාවල තොරතුරු බැංකු ගිණුම් තොරතුරු ඇතුලු පෞද්ගලික දත්ත රැසක් සයිබර් ප‍්‍රහාරයකින් ප‍්‍රසිද්ධියට පත්කිරීමත් සමඟ ජර්මනියේ දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ද මතුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්