පඹුක් සුළිකුණාටුව හේතුවෙන් තායිලන්තයේ පුද්ගලයන් 6100 ක් අවතැන් වුණා.
ඔවුන් සහන මධ්‍යස්ථානවල රැඳවීමට කටයුතු කළ බවයි තායිලන්ත බලධාරීන් පවසන්නේ. නිවාස රැසකට ද හානි සිදුව තිබෙනවා.
පඹුක් සුළිකුණාටුව තවමත් වර්ධනය වෙමින් පවතින බවයි තායිලන්ත කාලගුණ අංශ සඳහන් කළේ.
වෙරළබඩ ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක් වසාදැමීමට ද තායිලන්ත රජය කටයුතු කළා.
දකුණු දිග තායිලන්තයට ප්‍රබල සුළං සහ ධාරාණිපාත වැසි මේ වනවිට ඇද හැලෙමින් ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වාදෙනවා.