දරුවන් ජංගම දුරකතන ඇතුළු විද්‍යුත් උපකරණවලට යොමුවීම සම්බන්ධයෙන් එංගලන්ත විශේෂඥයින් පිරිසක් සමීක්ෂණයක් සිදුකර තිබෙනවා.
ජංගම දුරකතන තිරය දෙස බොහෝ වේලාවක් බලා සිටිම ඉතා අහිතකර බවයි එරට වෛද්‍යවරුන් සදහන් කළේ. ඒ අනුව ජංගම දුරකතන ඇතුළු විද්‍යුත් උපකරණ භාවිත කරන කාලය සීමාකළ යුතු බවට ද දැනුම් දි තිබෙනවා.
එහෙත් නවතම සමීක්ෂණයෙන් එම සීමා ලිහිල් කර ඇති බවයි බී බී සී ප්රවෘත්ති වාර්තා සදහන් කළේ. කෙසේ වෙතත් නින්දට පැයකට පමණ පෙර දරුවන් ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණවලින් ඈත්වීම අත්‍යවශ්‍ය බව ද පර්යේෂණය සිදුකළ විශේෂඥයන් පෙන්වා දෙනවා.