සේනා නමැති දළඹු විශේෂය බස්නාහිර පළාතට ද පැතිරයාමේ අවදානමක් හටගෙන තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
වේයන්ගොඩ නගරයේ බඩඉරිඟු අලෙවිකළ ලොරි රථයක් පරීක්ෂා කිරීමේ දී සේනා දළඹුවන් සොයා ගැනීමට හැකිව තිබෙනවා. මේ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වී වගාව දැඩි අවදානමක පවතින බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. සේනා දළඹුවා සිටින ප්‍රදේශවලින් රැගෙන එන බෝග පිළිබඳව ව්‍යාපාරිකයින් හා පාරිභෝගික ජනතාව විශේෂ අවධානයක් යොමුකරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
කපිල දිසානායක – කෘෂි උපදේශක – බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
[ot-video type=”youtube” url=”https://youtu.be/ea3pS91hmgs”]