ඇතැම් ගුරුවරුන් තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කරන්නේ නැති බව ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසනවා. රත්නපුර ප්‍ර දේශයේ පැවති උත්සවයකදීයි අමාත්‍යවරිය මේ බව සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Xfj7R-pdVeQ”]
එක්සත් ජාතික පක්ෂයේ උපනායක වරයෙකු වූ, හිටපු අමාත්‍ය ගාමිණි අතුකෝරල මහතාගේ 17වන ගුණ සැමරුම වෙනුවෙන් පාසල් දරුවන් සදහා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වුණා. රත්නපුර, කරන්ගොඩ, ගිනිහිරිය ශ්‍රී සිද්ධාර්ථෝදය මහා පිරිවෙන් විහාරස්ථානයේ දීයි වැඩසටහන පැවැත්වුණේ. ඒ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන්. පාසල් දරුවන් සදහා අභ්‍යාස පොත් ඇතුළු උපකරණ කට්ටල බෙදා දීම මෙහිදී සිදු කෙරුණා.