fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොටුව , මාලඹේ අතර සැහැල්ලු දුම්රිය සේවාවකට ජපාන සහාය

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 12:49

කොටුව , මාලඹේ අතර සැහැල්ලු දුම්රිය සේවාවකට ජපාන සහාය

කොළඹ කොටුවේ සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක් ඇරඹීමට ජපානය ඇමෙරිකා ඩොලර් මිලියන 1850ක ණය ආධාර ලබාදීමට එකගතාව පළකර තිබෙනවා.

කොළඹ කොටුවේ සිට මාලඹේ දක්වා කිලෝමීටර 17ක දිගින් යුත් දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපානය එකගතාව පළකලා.  ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය මේ සදහා ඉදිරිපත්ව සිටිනවා. කොළඹ කොටුවේ සිට මාලඹේ දක්වා ඉදි කෙරෙන දුම්රිය මාර්ග ව්‍යාපෘතියට අයත් දුම්රිය ස්ථාන සංඛ්‍යාව  දහසයක්. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම ණය ආධාර ලබා ගැනීම සදහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිවුණා. වසර 2024 වන විට අදියර හයක් යටතේ මෙම ණය ආධාර ලබා දීමට නියමිතයි. එහි පළමු අදියර යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 260ක් හිමිවනු ඇති. සියයට බින්දුවයි දශම එකක අඩු සහන වාර්ෂික පොලිය මත මෙම ණය මුදල ලබා දීමටයි තීරණය වී ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 12:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්