fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධීව රැගෙන ආ දුම්වැටි කාටන් 150 ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 11:10

නීති විරෝධීව රැගෙන ආ දුම්වැටි කාටන් 150 ක් අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි කාටන් 150 ක් කටුණායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට පැමිණි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙම දුම්වැටි තොගය රැගෙන විත් තිබූ බව රේගු නිලධාරීන් පවසනවා. එහි දුම්වැටි තිස්දහසක් තිබූ අතර අත්අඩංගුවට ගත් එම දුම්වැටිවල වටිනාකම රුපියල් දහසය ලක්ෂ පනස්දහසක්. සැකකරුට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කෙරුණ අතර දුම්වැටි තොගය රාජසන්තක කළ බවයි කටුණායක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සදහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 11:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්