fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිළිකා රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ නව මධ්‍යස්ථානයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 11:29

පිළිකා රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ නව මධ්‍යස්ථානයක්

පිළිකා රෝගයට ගොදුරුවන වැඩි දෙනෙකු අසරණ භාවයට පත් වන්නේ පවත්නා ආර්ථික ගැටලු හේතුවෙනුයි. එවැනි රෝගීන්ට නොමිලේ සියලු ප්‍රතිකාර මෙන්ම සත්කාර ලබාදීමේ නව මධ්‍යස්ථානයක් මාතර දී විවෘත කෙරුණා.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින කිසිවෙකුගේ හව්හරණක් නොලබන පිළිකා රෝගීන්ට මෙම මධ්‍යස්ථානය වෙත පැමිණ සහන සලසා ගැනීමට ඉඩකඩ පවතිනවා. ඔවුන්ට එහිදී ඖෂධ මෙන්ම අනෙකුත් ප්‍රතිකාර ද නවාතැන් කෑම බීම ඇතුළු සියලු පහසුකම් ද ලබා දීමට මෙම මධ්‍යස්ථාන පාලන අධිකාරිය කටයුතු යොදා තිබෙනවා. මහාකරුණා භාරය හා සහන සත්කාර භාරයේ ඒකාබද්ධ ප්‍රජා ව්‍යාපෘතියක් ලෙසයි එය ක්‍රියාවට නංවා ඇත්තේ. අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් දරුවන්ගේ ඇසේ සුද ඉවත් කිරීම හා ඇස් කණ්නාඩි ලබා දීම ද මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරන තවත් සත්කාරයක්. ඇසේ සුද ඇති අඩු ආදායම් ලාභීන්ට ද මෙහිදී අක්ෂි ප්‍රතිකාර ලබා දී සහන සැලසීමට මෙම මධ්‍යස්ථානය කටයුතු සම්පාදනය කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්