ෆ්ලෝරීඩාවේ අධිවේගී මාර්ගයක සිදුවූ රියඅනතුරකින් පුද්ගලයන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් පිරිසක් රෝහල්ගත කර ඇති බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ.
ඉන්ධන ප්රවාහන ලොරි රථයක් සහ මෝටර් රථ දෙකක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. ඒ සමඟ ගින්නක් ද හටගත් බවයි බලධාරීන් ප්රකාශ කළේ. පසුව ගින්න මැඩපවත්වා තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් භෙළිව නැහැ.