fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2018 වසරේ සංචාරකයන්ගේ පැමිණීමේ 10.3% ක වර්ධනයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 09:01

2018 වසරේ සංචාරකයන්ගේ පැමිණීමේ 10.3% ක වර්ධනයක්

2018 වසරේ සංචාරකයන්ගේ පැමිණීම 10.3%න් වර්ධනය වී ඇති බව නවතම සංඛ්‍යා ලේඛන වලින් අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ වාර්තාවලට අනුව 2018 වර්ෂයේ සංචාරක පැමිණීම මිලියන 2,333,796 ක් පෙන්නුම් කරයි.

එය 2017 වර්ෂයේ මිලියන 2,116,407ක් විය. සංචාරකයන්ගේ පැමිණීම පෙබරවාරි,මාර්තු,ජුනි හා නොවැම්බර් මාසවලදී ඉහළ මට්ටමක පැවතුණ අතර පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ පමණක් 253,169 ක වර්ධනීය අගයක් පෙන්නුම් කරනු ලබන්නේ එම මාසය සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණි දෙසැම්බර් මාසය බැවිනි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසන්නේ, පසුගිය සමයේ ඇති වූ දේශපාලන අර්බුද නොසලකා ද සංචාරක පැමිණීම බිලියන 3.5ක ඉලක්කයක් ළඟා කරගෙන තිබෙන බවයි.

2019 වර්ෂයේදී සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමකට පත් වෙමින් ශ්‍රී ලංකාව අංක එකේ ස්ථානයට පත්වනු ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් පවසයි. මෙම වර්ෂයේදී පසුගිය වර්ෂයට වඩා මිලියන 04ක සංචාරක වැඩි වීමක් අපේක්ෂා කරන අතර 2019 වර්ෂය අවසානයේ ඩොලර් බිලියන 5ක සංචාරක ආදායමක් ළඟා කර ගැනීමටද කටයුතු කරන බවද අමරතුංග මහතා ප්‍රකාශ කරයි.

සංචාරක අධිකාරියේ වාර්තාවලට අනුව ඉන්දියාව,චීනය,එක්සත් රාජධානිය හා ජර්මනිය සංචාරකයන් බහුල ලෙස මෙරටට පැමිණෙන රටවල් බවට පත් වී ඇති අතර 2018 වර්ෂය වන විට ඕස්ට්‍රේලියාවෙන් ද සංචාරක පැමිණීමේ විශේෂ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 09:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.77178.72
USA
Pound226.80234.34
UK
Euro194.03201.07
EU
Yen1.551.61
Japan
Yuan25.6326.88
China
Dollar121.02126.32
Australia
CountryCurrencyRate
Dinar469.00
Dinar581.36
Riyal459.22
Riyal48.56
Riyal47.14
Dirham48.13