Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිලාභ රැසක් ගෙනෙන පහළ මල්වතු  ඔය ජලාශයේ ඉදිකිරීම් මේ වසර මුලදී

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2019 11:39

ප්‍රතිලාභ රැසක් ගෙනෙන පහළ මල්වතු  ඔය ජලාශයේ ඉදිකිරීම් මේ වසර මුලදී

පහල මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් මේ වසරේ මුල් භාගය තුළ ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය පී හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

පහල මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේදී පරිසර හිතකාමී මෙන්ම විල්පත්තුව වනජීවී කලාපයට කිසිදු හානියක් සිදු නොවන අයුරින් කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා අවධාරණය කළේ.  පහළ මල්වතු ඔය ජලාශය ඉදිකිරීම පිළිබද පැවති සාකච්ඡාවකදී අමාත්‍ය පී හැරිසන් මහතා තවදුරටත් කියා සිටියේ මෙම ජලාශයට යටවන ගම්මාන තන්තිරිමලේ ප්‍රදේශයේදී නැවත ඉදිකිරීමටත් අහිමිවන දේපල වෙනුවෙන් වන්දි ගෙවීමටත් කඩිනම්  පියවර ගන්නා බවයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව තන්තිරිමලේ මිරිදිය ධීවර ගම්මානයක් හා නව රැකියා උදා කෙරෙන කම්හල් කිහිපයක් පිහිටුවීමටද  නියමිතයි තිබෙනවා. පහල මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම මගින් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්ක දෙ‍කෙහි ගොවි ජනතාවට වරප්‍රසාද රැසක් හිමිවනවා. කුඹුරු අක්කර 2000 ක් අලුතෙන් අස්වැද්දවිය හැකියි. එම දිස්ත්‍රික්ක වල කුඹුරු අක්කර 36000 කට ජලය ලබාදීමටද අපේක්ෂිතයි. එසේම මෙම ජනතාව සදහා පානීය ජලය ලබාදීමට කියුබික් මීටර් මිලියන 05 ක් ලබාදීමටද නියමිතව තිබෙනවා. ගිගාවොට් හතරයි දශම දෙකයි අටක විදුලිබල උත්පාදනයක්ද සිදු කෙරෙනවා. උස්සාන වාරිමාර්ග වශයෙන් වානිජ වගාව සදහා අක්කර 675 කට ජලය ලබාදීමටද නියමිතයි. මල්වතු ඔය ජලාශය ඉදිකිරීම සදහා වූ සමස්ථ ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12000 ක් පමණ වනවා. තන්තිරිමලය විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් එම ප්‍රදේශය සංවර්ධිත නගරයක් බවට පත් කිරීමටද නියමිතයි. මේ අනුව රජරට ජනතාවගේ ඉහළම බලාපොරොත්තුවක් මල්පල ගැන්වෙන අවස්ථාවක් ලෙස මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය හැදින්විය හැකි බවයි අමාත්‍ය පී හැරිසන් මහතා පෙන්වා දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2019 11:39
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්