fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයවැය මාර්තු 05දා

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2019 09:16

අයවැය මාර්තු 05දා

මෙම වසර සදහා වන අය වැය මාර්තු මස පස්වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන 07 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය ගෙන ඒම සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි කැබිනට් මණ්ලය රැස් වුණේ. පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ජීවන මට්ටම ඉහළට ගෙන ඒමට දිරිදෙමින් ගමත් නගරයත් එක සේ දියුණු කරන යෝජනා මෙවර අයවැයට ඇතුළත් කෙරෙනු ඇති.   මේ අතර  ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන අඛණ්ඩවම ක්‍රියාත්මක කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo