විභාග ප්රතිඑලවලදී දහම් පාසල් සහතිකය සඳහා ලකුණු ලබාදීමේ ක්‍රමයක් සකස් කරන බව අමාත්‍ය ගාමිනි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළා.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ඊට අයත්. ඇමති මණ්ඩල සංදේශයක් සකස් කිරිමටත් කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ලබාදීමට නියමිත ලකුණු සංඛ්‍යාව 10ක්. ඉරිදා දිනවල උදය වරුවේ සහ පසළොස්වක පොහෝ දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරිම සඳහා ද සංදේශයක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.