අයහපත් කාලගුණයෙන් උතුරේ විපතට පත් ජනතාවට සහන සැලසීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදීයි.
ජල ගැලීම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසිමේ වැඩසටහන් රැසක් පැවැත්වුණා. ඒ මැති ඇමතිවරුන්, ති‍්‍රවිද හමුදාව, පොලිසිය ඇතුළු අංශ ගණනාවක සහභාගීත්වයෙන්. හානියට පත් දේපළ සඳහා ද වන්දි පිරිනැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කුඹුරු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.