fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආපදාවට ලක්වූ උතුරේ ජනතාවට සහන දුන් සියලු දෙනාට ජනපතිගේ ප‍්‍රණාමය

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 18:27

ආපදාවට ලක්වූ උතුරේ ජනතාවට සහන දුන් සියලු දෙනාට ජනපතිගේ ප‍්‍රණාමය

විපතට පත් උතුරේ ජනතාවට සහන සැලසීමට කැප වූ සියලු දෙනාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ස්තූතිය පළ කරනවා.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට කඩිනමින් සහන සලසමින් ඔවුන්ගේ සුබ සාධන සේවාවන් වෙනුවෙන් අඛණ්ඩව කැප වූ ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සියලු සාමාජිකයින්ටත් පළාත් ආණ්ඩුකාරවරුන්, රාජ්‍ය නිලධාරීන්, ස්වෙච්ඡා සංවිධාන ඇතුලු සියලු පාර්ශ්වයන් වෙත ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනමන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ විපතට පත් උතුරේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීමෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූ බවයි. ගංවතුරට හසු වූ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් කඩිනමින් ක්‍රියාවට නැංවුණු අතර ඔවුන්ගේ කැපවීම් හේතුවෙන් ජීවිත හා දේපළ හානි ඉතා අවම කර ගැනීමට හැකි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙනවා. එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ තම සහෝදර රටවැසි ජනතාව විපතට පත් වූ අවස්ථාවේ තම වගකීම් නිසි ලෙස ඉටු කරමින් මානුෂීය සේවාවක් වෙනුවෙන් කැප වූ සියලු දෙනාගේ සේවය ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළ බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්