ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නාමයෝජනා සඳහා ලබාදී ඇති විරෝධතා පරීක්ෂා කිරීම අද අවසන් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි මස 7 වනදා පැවැත්වීමට සැළසුම්කර තිබෙනවා. ඊට නාමයෝජනා භාර ගැනීම පසුගිය 17 වනදායින් අවසන් වුණා. එම නාමයෝජනා සදහා විරෝධතා 18 ක් නිලවරණ කමිටුවට ලැබී තිබෙනවා. ඒවා ඇතුළු භාරදී ඇති නාම යෝජනා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම අද අවසන් වුණා. ඊට ප්‍රති විරෝධතා භාරදීම ලබන 7 වනදා දක්වා සිදුකිරීමට හැකියාව පවතින බව නිලවරණ කමිටු සභාපති හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා සදහන් කළා. ප්‍රති විරෝධතා පරීක්ෂා කිරීම 11 වනදා හා 12 වනදා සිදුකිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට පිළිගත් අපේක්ෂක ලයිස්තුව 14 වනදා ප්‍රකාශයට පත්කරන බවයි නිලවරණ කමිටුව සදහන් කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මස 9 වනදාට පෙර පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය සදහා අතුරු කමිටුවක් පත් කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.